ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බදවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ කර ඇත.
ඒ විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ සෞදි අරාබියේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ්හි මහතා අතර ඊයේ (08) පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි.
මෙහි දී ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර බදවාගැනීම් සදහා ද්වී පාර්ශ්වීය කමිටු දෙකක් පත් කිරීමටත්, ගෘහ සේවක සේවිකාවන් බදවා ගැනීමේ දී පවතින අක්‍රමිකතා සොයා බැලීම සදහා දින 30ක් තුළ නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශන කමිටුවක් පත් කිරීමටත් එකග වී තිබෙනවා.
එමෙන්ම මෙරට ශ්‍රමිකයන්ට දැනට ගෙවන අවම වැටුප තවදුරටත් ඉහළ දැමීමටත් සෞදි අමාත්‍යවරයා එකගවී ඇති අතර ඒ සදහා වන නිර්දේශ දින තිහක් ඇතුළත ඉදිරිපත් කිරීමටද නියමිතයි.
මෙම ද්වීපාර්ශ්වීය සාකච්ඡාව සදහා සෞදි අරාබියේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ද එක්ව සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




