දින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් නැමැති 56 හැවිරිදි අයෙක්.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වී මාස එකහමාරක සිර දඬුවම් නියම කර බන්ධනාගාරය වෙත මෙම පුද්ගලයා යොමු කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මෙම රැඳවියා බන්ධනාගාරයට යොමු කළ දින සිට ආහාර ගෙන නැතැයි පොලීසිය කළ දර්ශන වලදී හෙළි වී ඇත.
එම දින හතර තුළ ඔහු රාත්‍රියටද නොනිඳා තිබෙන අතර වතුර ටැංකිය මත වාඩිවී සිටිනු දැක තිබූ වෙනත් රැඳවියකු නැවත පැමිණෙද්දී ඔහු වතුර ටැංකියට වැටී පාවෙමින් සිටිනු දැක ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.
පසුව බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් මෙම පුද්ගලයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් ව සිට ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




