මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව වටයේ ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම 16 වන පන්දුවාරයේදී කිසිඳු කඩුල්ලක් නොදැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
මේ අතර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගූ ඉහළම සබඳතාව ගොඩ නැගීමට Alex Hales සහ Jos Buttler මෙහිදී සමත් වුණා.
ඒ අනුව මෙවර T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




