මේ වසරේ දී මෙන්ම ලබන වසරේදී සියලුම නීති පද්ධති නවීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනවා.
පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
"අධිකරණ ඇමතිතුමා වැදගත් කාරණා දහයක් ඉදිරිපත් කර තිබෙනවා.අපේ නීති නවීකරණය කළ යුතුව තිබෙනවා. ඒ වැඩකටයුතු එතුමාට බාරදී තිබෙනවා. එයින් කොටසක් අද ඉදිරිපත් කර තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ මේ වසරේදීත්, එන වසරේදීත් සියල්ලම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි .ඕන නම් වැඩිපුර දවස් හෝ පාර්ලිමේන්තුව රැස්වී සම්මත කර ගනිමු. නීති නවීකරණය කිරීම වැදගත් දෙයක්."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




