එංගලන්තයේ තුන්වන චාල්ස් රජතුමාට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යෝර්ක් නගරයේ පැවැත්වෙන උත්සවයක් සඳහා සහභාගී වීමට චාල්ස් රජු සහ කැමිලා බිසව පැමිණි අවස්ථාවේ මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත.
බිත්තර 3ක් හෝ 4ක් චාල්ස් රජු සහ කැමිලා බිසව දෙසට එල්ල වී ඇතත් බිත්තර ඔවුන්ගේ ඇඟේ වැදී නැති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සහ රාජකීය ආරක්ෂක අංශ එම වහාම ක්‍රියාත්මක වී එම තරුණයාව අල්ලාගෙන අල්ලාගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




