ඊජිප්තුවේ පැවති COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (10) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු මෙම
සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉකුත් නොවැම්බර් මස 6 වන දින අලුයම පිටත්ව ගොස් තිබුණා.
නිළ සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




