ව්‍යාජ ලේඛන සකස්කර ජාතික රක්ෂණභාර අරමුදල් මණ්ඩලයේ රුපියල් 5,746,541 මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන එහි සහකාර කළමනාකාරවරියක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සහකාර කළමනාකාරිනිය 33 හැවිරිදි බණ්ඩාරගම රයිගම පදිංචිකාරියක් වන අතර ඇය විසින් ව්‍යාජ ලේඛන සකස්කර මෙම මුදල් ඇගේ ඥාතීන් 05 දෙනෙකුගේ බැංකු ගිණුම්වලට බැරකර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඇගේ මව, පියා, පුරුෂයාගේ සහෝදරයා, මවගේ නැගණිය සහ මවගේ නැගණියගේ ස්වාමිපුරුෂයා ඒ අතර සිටින බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
මවගේ නැගණියත් ඇගේ ස්වාමිපුරුෂයාත් පොලිස් නිලධාරීන් බව සඳහන්.
2018 වසරේ සිට අවස්ථා 13 කදී මුදල් එම බැංකු ගිණුම්වලට බැරකරමින් මෙම වංචාව කර ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




