මොරටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි හතරක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලීට අයත් පුද්ගලික බැංකු ගිණුම් හතරක සවිස්තර වාර්තා අධිකරණය වෙත ලබා දෙන ලෙසට එම පෞද්ගලික බැංකු කළමනාකරුවන් වෙත කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10) නියෝගයක් නිකුත් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඩොලර් ලබා දෙන පවසමින් සැකකාර තිළිණි ප්‍රියමාලි යන අය මෙම පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් අදාළ මුදල ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




