එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හා ඕමානයේ රැකියා සඳහා යන පුද්ගලයින්ට විදේශ රැකියා නියෝජිත ආයතන හරහා ලියාපදිංචි වීම අද (11) සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහස්ත රැකියා හා පිරිසිදු කිරීමේ රැකියා සඳහා කාන්තාවන් ලියාපදිංචිය, කාන්තාවන් සංචාරක වීසා ලබාගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා යාමේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිට වූ බවයි.
දින 45 ක් ඇතුළත රැකියා සඳහා මෙරටින් පිටව යන අයගේ විස්තර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලබාදිය යුතුව තිබුණ ද, ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන ඒ පිළිබඳව විස්තර ලබානොදීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගනිමින් මෙම තීරණය ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




