දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.
කෙසේවෙතත් මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම හා මහජන විරෝධතා හේතුවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු උද්ගත වී ඇති බව ද පැවසෙයි.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ බලපත්‍ර අනුමත කිරීමෙන් අනතුරුව සතොස ආයතනවල මත්පැන් අලෙවි කිරීමේ කවුන්ටර් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




