රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරගෙන යන බවත් දරුවෙකු සඳහා ලබාදෙන ආහාර වේලට වැයවන මුදල වැඩි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
දැනට ළමයින් කොටසකට ලබාදෙන දිවා ආහාරය අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
විපක්ෂනායකවරයා අද පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




