මහජන විරෝධතාව අතරතුර අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදලක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න සිදුකළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




