කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් මිය ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ පසුගිය 10 වනදා වැලිකන්ද ත්‍රිකෝණ කන්ද රක්ෂිතයේ අතරමංව සිටියදී මෙම පුද්ගලයා හමුවී ඇති බවයි.
දින කිහිපයක් නිරාහාරව සිට ඇති ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඊයේ (11) රාත්‍රියේ මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයෙක්.
පසුගියදා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හටගත් නොසන්සුන්තාවක් අතරතුර රැඳවියන් පිරිසක් ඉන් පළා ගොස් තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




