පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සැකකරු අගුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හුංගම දුටුගැමුණු මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 10ක සිසුවියකට පන්ති භාර ගුරුවරයා විසින් අමානුෂික ලෙස පහරදීමක් පිළිබඳ ඊයේ(10) එම දැරියගේ මව විසින් හුංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පහරදීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ දී දැරියගේ පිට ප්‍රදේශයේ හා හිසේ පිටුපස තැලීම් ලකුණු නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම දැරිය තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර 49 හැවිරිදි ගුරුවරයා දැරියට සිංහල පොත කියවා ගැනීමට නොහැකි වූ බව පවසමින් පහර දී ඇති බවයි මව ප්‍රකාශ කර ඇත්තේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



_copy_1280x737.jpeg)
