නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දෙන පොදු සමා කාලය හෙටින් ආරම්භ වනවා.
ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් සඳහා එම පොදු සමා කාලය ලබාදී තිබෙනවා.
ඔවුන්ගෙන් යම් මුදලක් අයවිමට ඇත්නම් නිත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවිය යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
නිත්‍යානුකුලව යුද හමුදා රාජකාරිවලින් ඉවත් නොවී විශාල පිරිසක් මේ වන විට සමාජය තුළ රැඳී සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් පුද්ගලයින් විවිධ විෂමාචාර ක්‍රියාවලය ද පෙළඹී ඇති බවත් සඳහන්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




