කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (16) බදාදා පෙරවරු 8.30 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අදාළ කාලය තුළ වාද්දුව, වස්කඩුව පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ,බෝම්ඹුවල,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරෙනු ඇත.
ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




