අද සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 03 ක මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඒ අනුව රතු පරිප්පු, ටින් මාළු, රතු කැකුළු සහල් මිල ගණන් මෙලෙස පහළ දැමීමට පියවර ගෙන ඇත.
රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 389 කට, ග්‍රෑම් 425 දේශීය ටින් මාළු රුපියල් 540 කට සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 205කටත් අලෙවි කෙරෙන බව ලංකා සතොස නිවේදනය කරනවා.
දිවයින පුරා පිහිටි සියලු සතොස අලෙවිසැල් මගින් මෙම මිල ගණන් යටතේ අදාල භාණ්ඩ පාරිභෝගිකයාට මිලදී ගැනීමේ හැකියාව පවතියි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.