අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කළ කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුබුදුපුර ප්‍රදේශයේදී ඊයේ (16) කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 220 ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, එම සැකකරුවන් පුබුදුපුර ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා පොලීසිය වෙත රැගෙන ඒමේදී ඔවුන් මුදා ගැනීම සඳහා කාන්තාවන් 06 දෙනෙකු පොලිස් නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රථිකාර සඳහා අනුරාධුපර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරියන් 06 දෙනා අද (17)අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම මෙහෙයුම අතරතුර එක් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.