මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් වාහන ලියාපදිංචි ගාස්තු හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෝටර් වාහනයක් සාමන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් ද
ප්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,000 ක් ද එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4,000ක් දක්වා ද සංශෝධනය කර ඇත.
මේ අතර 1600cc හෝ 1600cc ට අඩු වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු නව ගාස්තුව රු 25,000ක් ද,1600cc ට වැඩි වාහන පළමුවරට ලියාපදිංචි කිරීමේ දී ගෙවිය යුතු ගාස්තුව ගාස්තුව රු 40,000ක් වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.