ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක හිමිනම හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
හිමිනම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත් කුඩු මිලිග්‍රෑම් 40ක් සන්තකයේ තිබී ඇත.
බුලත්සිංහල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් හොරයින් මත් කුඩුවලට ඇබ්බැහි ව සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල මෝල්කාව ප්‍රදේශයේ දී.
39 හැවිරිදි සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.