මහජන අරගල අතරතුර ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට ගිනි තැබීමෙන් සිදුවූ අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හැට හත්දහසක් බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොලවත්ත, ගීතා කුමාරසිංහ, ජයන්ත කැටගොඩ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොළ, රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ යන අයගේ නිවාස සහ දේපළවලට එලෙස අලාභ හානි සිදු වී ඇත.
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිවාස 09ක් ඇතුළු දේපළ මෙන් ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිවාස 04ක් ඇතුළු දේපළවලට එම අලාභය සිදු වී ඇතැයි ගණන් බලා ඇති අතර අලාභානි වූ දේ අතර වාහන රැසක් ද වනවා.
මේ අතරින් වැඩි ම අලාභය සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ දේපළවලට වන අතර එය රුපියල් කෝටි 46ක්.
දෙවන වැඩි ම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මියගේ තලංගම නිවස ඇතුළු දේපළවලට වන අතර එය දාහතර කෝටි හාරලක්ෂ අසූ හය දහසක් බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.