ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබෙනවා.
අද (17) දිනයේ ධනුෂ්ක වෙනුවෙන් නැවත ඇප අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ අතර ඒ අවස්ථාවේ දී දනුෂ්ක ගුණතිලක හට ඇප ලබාදීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරුට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවයි.
ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්කව නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබෙනවා.
කෙසේවෙතත් ඔහුට රාත්‍රී 09 සිට උදෑසන 06 දක්වා කාලය තුළ පිටතට ගමන් කිරීම තහනම් කර ඇති අතර දිනපතා පොලීසිය ඉදිරියේ පෙනී සිටිය යුතු බවත්, කිසිව අවස්ථාවක පැමිණිලිකරු සම්බන්ධ නොකරගත යුතු බවත්, ටින්ඩර් වැනි යෙදුම් භාවිතය තහනම් බවත් වැනි දැඩි කොන්දේසි මත මෙම ඇපය ලබාදී ඇති බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.