අධිකරණයට භාර වූ නීතීඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (17)නියෝග කළා.
පසුගිය ජුනි 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 59 වන සැකකරු ලෙස නිතීඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබෙනවා.
මිට දින කිහිපයකට පෙර ඔහුව එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ අතර, නීතීඥවරුන් කළ දැනුම්දීම අනුව නුවන් බෝපගේ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ අනුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණ අදහස් දැක්වූ නීතිඥ නුවන් බෝපගේ මහතා කියා සිටියේ අරගලය අපරාධයක් නම් එහි සාමාජිකයෙකු වී අපරාධකරුවෙක් වීම ගැන තමා ආඩම්බර වන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.