ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බව තියෙන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ
මහත්මියගේ විදෙස් ගමන් තහනම ලබන 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (17) නියෝග කළා.
මෙම සිද්ධියට අදාළ පැමිණිලි පාර්ශ්වය කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම පැමිණිල්ල ලබන දෙසැම්බර් මස 15 වැනිදා යළි කැඳවන ලෙසත්, එදිනට සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.