රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් සමජ ක්‍රියාකාරිකයකු වන කේෂර හේරත් මහතා ගොනු කර ඇති රීට් පෙත්සම ලබන 28 වැනිදා සලකා බැලීමට අභිචානාධිකරණය අද (18) තීරණය කළා.
මෙම රිට් පෙත්සම සෝභිත රාජකාරුණා ධම්මික ගනේපොළ මහත්වරු ඉදිරියේ සලකා බැලූහ.
ඒ අනුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම නොවැම්බර් 28 වැනිදාට සලකා බලන ලෙස නියෝග කළා.
එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර ඇත්තේ, ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.