හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන ඉරිදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
පසුගිය මහජන අරගලය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ ඔහු සැප්තැම්බර් මාසයේ දී අමෙරිකාව බලා පිටත්ව ගියා.
බැසිල් රාජපක්ෂ මහත්තයා නැවත පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිව්‍යුහගත කර බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරනු ඇති බවත් පක්ෂයේ වෙනස්කම් කීපයක් ද අපේක්ෂා කළ හැකි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.