ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගැසූ මහ බැංකු අධිපතිවරයා බවට වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කෙටුම්පතට අදාළ විවාදයේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.
"මුලින්ම මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ තනතුර බාර ගනිමින් කිව්වේ තමන්ගේ පූර්වගාමීන් දැවැන්ත ලෙස මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය ඇතිවෙලා රටේ ආර්ථික අර්බුදය තීව්‍ර වෙලා තියෙනවා කියලා.එහෙම කිව්ව එතුමා තමයි මේ වන විට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ මහ බැංකු අධිපති වරයා බවට පත්වෙලා තියෙන්නේ."
"එතුමා 2022.04.06 වන දා සිට සැප්තැම්බර් මස 30 වනදා දක්වා කාලය තුළ දින තුළ දින 175ට රුපියල් බිලියන 590 ක් නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ එතුමාගෙ කාලය තුළ දිනකට රුපියල් බිලියන 3.7 ක මුදල් අච්චු ගහලා තියෙනවා.කබ්රාල් යුගයේ වාර්තාව නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති බිඳ හෙළන්නේ කබ්රාල් යුගයට වඩා දෛනික මුදල් අච්චු ගැසීම සියයට 55 කින් ඉහළ දමමින්."
"කබ්බ්‍රාල්, ලක්ෂ්මන් යුගවල දී අපි ඩොලර් බිලියන ගණනින් ණය ගෙව්වා. ණය ගෙවන්න ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය නිසා රුපියල් අච්චු ගහන්න සිද්ධ වුණා. ණය ගෙවීමත් නතර වෙලා තියෙන මේ යුගයේ මොකටද මේ රුපියල් අච්චු ගැහුවෙ කියන එක හැමෝටම ප්‍රශ්නයක්."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.