ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගලවැව සිරිධම්ම හිමියන් රඳවා ගැනීම තවදුරටත් දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ ව්‍යවස්ථානුකූල නොවන බවත් එය ජාත්‍යන්තර වශෙයන් රටට අයහපත් ප්‍රතිඵල ගෙනදිය හැකි බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ (17) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.