ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඊයේ (17) රාත්‍රී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මෝටර් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් අනුරාධපුර සහ ගල්ගමුව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මේජර් වරයා සහ තවත් සිවිල් වැසියන් සිව් සිව් දෙනෙකු එම රථයේ ගමන් කර තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ සාලියපුර යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි යුද හමුදා මේජර්වරයෙකු සහ නොච්චිය වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.