මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.
මෙම සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත.
මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.