මීට වසර 19කට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ අපහාසයක් වෙනුවෙන් හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට ඊයේ (17) නියෝග කළා.
අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග හා තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අර්ජුන රණතුංග කළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාලට අගතියක් හා අපහාසයක් සිදුව ඇති බව කරුණු සලකා බැලීමෙන් තහවුරු වන බව එහිදී විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කර ඇත.
ටෙලිකොම් සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරක් දැරීමට තමා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් අර්ජුන රණතුංග මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට කළ අපහාසය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා තිලංග සුමතිපාල ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනා මහාධිකරණය එසේ නියෝග කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.