අද (18) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි.
මේ අතර සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.