මන්ත්‍රීවරුන්ට කපුටා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ඉතාමත් පහත් වැඩක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවැසුවා.
ඔහු මෙම අදහස් පළ කළේ අයවැයට පෙර 'කපුටා' ලංකාවට එන බවට සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශය හේතුවෙන්.
ඒ අනුව අද මෙතන කතාකරන මන්ත්‍රීවරුන්ගේ පියවරුන් සහ ඥාතීන් ද මේ පාර්ලිමේන්තුවේ සිටි බවත් ඒ අය වගකීම නිසියාකාරව ඉටු කළා නම් රටට මෙවැනි තත්ත්වයක් උදා නොවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.