මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභා වාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙහි දී මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබෙන ආයතනවල ඉදිකිරීම් සෘජු කොන්ත්‍රාත් පදනම මත රජයේ ඉදිකිරීම් ආයතන වෙත ලබාදීමට අගමැතිතුමා උපදෙස් ලබාදුනි.
එක්‌සත් රාජධානියෙහි එඩින්බර්ග් සරසවි කෞතුකාගායේ තැන්පත් කොට තිබූ වැදි ජනතාවගේ හිස්‌කබල් නැවත වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට භාර දීම එඩින්බර්ග් සරසවියේ පැවැති උත්සවයක දී පසුගිය දා සිදු විය.
ඒ අනුව පුරාවිද්‍යා වටිනාකමකින් යුත් වැදි ජනයාට අයත් මෙම අස්ථි කොටස් තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදි කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කිරීමට ද මෙහි දී උපදෙස් ලබා දුනිමි.
2021 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3400ක මුදලක් අනුමත කිරීම ද මෙම කමිටුවේ දී සිදු විය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන, සංචාරක අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙරත් දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.




