2020 ඔක්තෝබර් මස 27 දින සඳහා කාලගුණ අනාවැකිය
2020 ඔක්තෝබර් මස 27 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
ඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, මුලතිව්, වවුනියා සහමාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ මි.මි 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.




