දැනට පැවතින කොවිඩ් අනතුර පහව යනතෙක් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ආරක්ෂක රාජකාරිය සඳහා පොලිස් නිලධාරීන් යොදා නොගැනීමට අවධානය යොමුකර ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ඇතුළුවන අයගේ ශරීර පරීක්ෂාව සඳහා පමණක් පිවිසුම් දොරටුවල පොලිස් නිලධාරීන් කිහිපදෙනකු යෙදවීමට බලාපොරොත්තු වේ.
මේ වන විට කොවිඩ් ආසාදිතයකු බවට තහවුරුවී ඇති පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයේ පොලිස් නිලධාරියාගේ ආශ්‍රිතයන් බවට සැලකෙන නිලධාරීන් 22කගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (27 වැනිදා) සිදුකරන බවද එම පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල මත ඉහත තීරණය ගන්නා බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ඊයේ (26 වැනිදා) පුවත්පකට පැසා ඇත.අ
මීට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණයේ පිටත ආරක්ෂාව සඳහා මේ දක්වා යොදවා තිබූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් එස්.ටී.එෆ් නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කරන බව ද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ඊයේ (26 වැනිදා) වැඩිදුරටත් පවසනලදි. පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතුවලටද සහභාගී වන එස්.ටී.එෆ්. නිලධාරීන් කිහිපදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම මීට හේතුව වී ඇත.
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබුණු පසුව කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ යුතුද යන්න තීරණය කරන බව කී හෙතෙම විෂබීජාණුහරණය සඳහා ඊයේ (26 වැනිදා)වසා දැමුණු පාර්ලිමේන්තුව යළි රාජකාරී කටයුතු සඳහා විවෘත කරන්නේ හෙට (28 වැනිදා) බවත් පාර්ලිමේන්තුවේ රාජකාරී කටයුතු හෙට (28 වැනිදා) ආරම්භ කළද සීමා සහිත කාර්ය මණ්ඩලයක් සේවය සඳහා කැඳවීමට බලාපොරොත්තුවන බවද පවසයි.




