ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන වල දත්තයන්ට අනුව මේ දින වල ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව වාර්තා කර ඇත.
ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝම්බර් 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ඒ පිළිබද දැනුවත් කිරීම් කිරීමට බලාපොරොත්තු වන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති ආකාරය
කොරෝනා වෛරසය පැතීරීමේ අවදානම් තත්වයත් සමග මේ දිනවල රථ වාහන ගමනාගමනය අඩු මට්ට්මක පවතින හෙයින් නාගරික ප්‍රදේශ වල වායු දූෂණ මට්ටමේ යම් අඩුවීමක් පෙන්නුම් කර තිබියදී මෙසේ එකවරම ශ්‍රී ලංකාව තුල වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අස්වාභාවික ලෙස ඉහල යෑමට හේතුසාධක වන්නේ මේ දිනවල දිවයින අවට පවතින සුළං ප්‍රවාහ රටාවේ සිදුවී ඇති වෙනස් වීම යි. එබැවින් ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල්වීම මගින් සිදුවන බලපෑමක් බව එයාර් විෂුවල් (Air Visual) වෙබ් අඩවියේ ඇති ලෝක වායු ගුණ ව්‍යාප්ති දත්තයන්ට අනුව පෙන්නුම් කරයි.
ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල්වන ආකාරය
සෞඛ්‍ය ගැටළු අවම කර ගැනීම සඳහා නිතර මුඛ ආවරණ පැළඳීම, ව්‍යායම, ක්‍රීඩා කටයුතු වැනි එළිමහනේ වෙහෙසකර කාර්යයනන් හි නිරත වීම අවම කිරීම යෝග්‍ය වේ. තවද යම් ශ්වසන අපහසුතාවයන් ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනිමට කටයුතු කළ යුතුය.
වෙනදාමෙන් ඈත ඇති ගොඩනැගිලි හා අනෙකුත් ස්ථාන පැහැදිලිව නොපෙනීම, අවට වායුගෝලයේ දුමාරයක් පැතිර ඇති ආකාරයක් දිස්වීම, තරමක් අඳුරු අහස්කුසක් පැවතීම වැනි ස්වභාවික වෙනස්කම් මගින් මෙවැනි අඩු වායුගුණ තත්වයන් පැවතීම නිරීක්ෂණය කළ හැක.
මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසත් පවතින් කොවිඩ් 19 ව්‍යයන තත්වය හමුවේ යම් ශාරීරික අපහසුතාවයත් පවතී නම් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිපැදීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.






