තම ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්‍රපටය එලෙසම සිදු වන බව ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතා පවසයි.
800 ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයට විරෝධතාවක් එල්ල වුයේ මුරලිදරන්ගේ චරිතය රඟ දක්වන්නේ දකුණු ඉන්දියානු සුපිරි නළුවෙකු වන විජේයි සේතුපති පූර්ව ප්‍රචාරක දැන්වීමක පෙනී සිටීමත් සමගය.
2009 වසරේ යුද්ධය නිමා වීමත් සමග ඇති වූ සාමය නිසා යුද්ධයේ අවසන් දිනය තම ජීවිතයේ සතුටුම දිනය ලෙස තමා පැවසූ බවත් යුද්ධයෙන් අහිමි වු දෙමළ ජීවිත පිළිබඳ තමන් සතුට ප්‍රකාශ නොකළ බවත් මුරලිදරන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මුරලිදරන් මහතා පවසා සිටින්නේ, එම ප්‍රකාශය වැරදි ලෙස අර්ථ කථනය කර ඇති බවයි.
අවසන් වශයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසන්නේ, මෙම චිත්‍රපටය රූ ගත කිරීම් සිදු වන බවත් එය තමිල්නාඩු නුවරට සීමා නොවන බවත් දෙමළ, සිංහල, හින්දු, බෙංගාලි, තෙලඟු, මලයාලම් යන සියලුම භාෂාවලින් එම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසි සමග නිෂ්පාදනය වන බවයි.
ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දෙමළ චිත්‍රපටයේ තම චරිතය රඟ දක්වන දකුණු ඉන්දියානු සුපිරි නළුවෙකු වන විජේයි සේතුපතිට එල්ල වන විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් මුරලිදරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙය තමාගේ අරගලයක් මිස විජේයි සේතුපතිගේ අරගලයක් නොවන බවයි.
ඒ හේතුවෙන් එම අරගලයට තමා මුහුණ දෙන බව මුරලි පවසයි.
බී.බී.සී ලෝක සේවය සමග සම්මූඛ සාකච්ඡාවකට එක්වෙමින් මුත්තයියා මුරලිදරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, තමන් ජීවිතය තුළ බොහෝමයක් බාධක පසු කර ඇති බවය.




