අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස්රථ කොට්ටාවේ සිට ධාවනය වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා පවසනවා.
හෝමාගම පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වසා දමා ඇති බැවින් මෙම පියවර ගෙන තිබෙන බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව එම බස් රථ සේවාව භාවිතා කරන මගීන් කොට්ටාව නගරය වෙත පැමිණෙන ලෙසට පණ්ඩුක මහතා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
හෙට (29) මධ්‍යම රාත්‍රිය සිට බස්නාහිර පළාත තුළට කිසිදු බස් රථයක් ඇතුලුවීම හෝ පිටවීම සිදු නොවන බවද ඔහු සඳහන් කළා.
නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වනතෙක් මෙම තීරණය ක්‍රියාත්මක බවද ඔහු පැවසුවා.
එම කාළය තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුන දෙන අපේක්ෂකයන්ට සහ රෝහල් ප්‍රවාහන සේවා ඇතුලු අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා පමණක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.




