අදට යෙදී ඇති 73 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ දිවයින පුරා බන්ධනාගාර තුළින් රැඳවියන් 146 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දඩුවම් ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලබාදීම, ගෙවීමට ඇති දඩ අහෝසි කිරීම, වයස අවුරුදු 65 ට වැඩි දඩුවමින් අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීම මේ යටතේ සිදුවනවා.
වයස අවුරුදු 50 ට වැඩි වසර 25 කට වඩා සිරදඩුවම් විඳ ඇති සිරකරුවන් නිදහස් කිරීම හා තරුණ වරදකරුවන් අතුරින් තම දඩුවම් කාලයෙන් හරි අඩක් ගෙවා ඇති අය නිදහස් කිරීමද මේ යටතේ සිදුවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොරෝනා වසංගත තත්වය සහ නත්තල නිමිති කරගෙන පසුගිය අගෝස්තු 31, නොවැම්බර් 20 සහ ජනවාරි 08 යන දින වලදී සමාවන් ප්‍රධානය කිරීම හේතුවෙන් මෙවර නිදහස් දින සමාවේදී නිදහස් වීමට සිටින සිරකරුවන් ප්‍රමාණය අඩුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
අද නිදහස්වීමට සිටින රැඳවියන් බොහෝ දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ මේ වනවිට සිදුකර ඇති බැවින් එම පරීක්ෂණ ප්‍රතිඵල ලද වහාම ඔවුන් නිදහස් කල හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.