ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 704 දෙනා අතරින් 541 දෙනෙකු ම වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ එම ආසාදිතයන් අතරින්ද වැඩි පිරිසක් වාර්තාවන්නේ කොළඹ නගරසීමාව ආශ්‍රයෙන් බවයි. එම ආශ්‍රිතයන් බොහෝ පිරිසක් මේ වනවිට හුදෙකළා කර ඇති ප්‍රදේශ සහ අද උදෑසන 5 සිට හුදෙකළා කරන ලද ප්‍රදේශවලින් වාර්තාවීම ද විශේෂත්වයක්. ඉන් අනෙකුත් ප්‍රදේශවලට වෛරසය පැතිර යාම වැළක්වීමට මෙලෙස පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තැබීමට පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ. එහිදී වැඩිදුරටත් අදහස් පලකළ යුද හමුදාපතිවරයා සඳහන් කළේ එම ප්‍රදේශ හුදෙකළා කර ඇත්තේ දීර්ඝ කාලීනව නොව කෙටි කාලීනව බවයි. ඒ අනුව අදාළ ප්‍රදේශ හුදෙකළා කර තැබෙන කාලසීමාව පිළිබඳව, අදාළ ප්‍රදේශයන්හි ආශ්‍රිතයන් වාර්තාවන ආකාරයට තීරණය කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.එසේම හුදෙකළා කර ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සෞඛ්‍ය අංශවල දැඩි අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමට අවසර හිමිවනු ඇති.මේ අතර හුදෙකළා කර ඇති ප්‍රදේශවල දුරගමන් සිදුකරන රථවාහනවලට ගමනාගමනයට අවසර හිමි වුවද එම ප්‍රදේශවල කුමන හේතුවකට හෝ මගීන් නග්ගවා ගැනීමට හෝ බැස්සවීමට අවසර හිමිනොවන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.




