එළඹෙන සදුදා සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළා. ඒ අනුව ඊට අදාළ සියලුම කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
එහි මෙහෙයුම් අධිකාරි ඒ.එස්.පී වීරසූරිය මහතා පැවසුවේ, සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් නංවා ගැනීම සිදු කරන බවය.
මේ අතර අන්තර් පළාත් බස් රථ සේවා ද ලබන සඳුදා (30) සිට සාමාන්‍ය කාලසටහන්වලට අනුව ධාවනයට එක් කරන බවත් ඒ සම්බන්ධයෙන් බස් සංගම් දැනුවත් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළා.
මේ අතර කොළඹ නගරය දක්වා බස් රථ 150 කින් පමණ යුත් කාර්යාලීය ප්‍රවාහන සේවයක් ඊයේ සිට ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව ඒ් මහතා වැඩි දුරටත් සඳහන් කළා.
සාමාන්‍ය ගාස්තු ගෙවා අදාළ බස් රථවල ගමන් කිරීමට කාර්ය මණ්ඩල සේවකයින්ට අවස්ථාව හිමිවේ.




