කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( Cope ) කටයුතු හෙට ( 20 ) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ඒ් අනුව කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා පැවසීය.
හෙට ( 20 ) දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශයේ සහ අදාල ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිළධාරීන්ය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, මහාමාර්ග අමාත්‍යාංශයේ ගණකාධිකාරී, අදාල ව්‍යාපෘති ඒකකයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු නිළධාරීන් 07 දෙනෙක් පමණක් හෙට පාර්ලිමේන්තුවට කැඳවා ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්ථාව මෙහිදී අධ්‍යනයට ලක් කරනු ලබන බව කෝප් සභාපතිවරයා සඳහන් කළේය.




