ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල රුපියල් දෙසීයක් බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් පවසනවා.
මේ සදහා දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමය එකග වූ බවයි අමාත්‍යවරුන් පවසන්නේ.
දේශීය ටින් මාළු නිෂ්පාදකයින් සමග ඊයේ (18) වෙළද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරුන් මේ බව ප්‍රකාශ කළා.
ටින් මාළු කර්මාන්තයට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන අතර ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිලකට නිකුත් කිරීමට පූර්ණ සහය ලබාදෙන බව අමාත්‍යවරුන් මෙහිදී පැවසුවා.
ඒ අනුව සැමන් ටින් එකක් සතොස හා සමූපකාර හරහා රුපියල් දෙසීයක සිල්ලර මිලකට අලෙවි කිරීමට නිෂ්පාදකවරුන් එකග වුණා. ඔවුන්ගෙන් රුපියල් 198 කට මිලදී ගෙන දෙසීයක මිලකට අලෙවි කිරීමයි සිදු කෙරෙන්නේ.




