පරිගණක ක්‍රීඩා කිරීමට අසල්වැසි නිවසකට ගිය 13 හැවිරිදි බාලවස්කාර පිරිමි දරුවකු සිය නිවසේ දී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන උතුරුමැද පළාත් සභාවට අයත් රජයේ කාර්යාලයක සේවයෙහි නියුතු පෞද්ගලික ආරක්ෂකයකු තිරප්පනේ පොලිසිය විසින් ඉකුත් 17 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් තිරප්පනේ පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය තිස් එක්හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු දිනපතා පරිගණක ක්‍රීඩා කිරීමට සැකකරුගේ නිවසට ගොස් ඇති අතර මීට දින කීපයකට පමණ පෙර එසේ ගිය අවස්ථාවක දී කිසිවකුට නොපවසන ලෙස දන්වා සැකකරු විසින් එම දරුවා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු ඊයේ (18 දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.