PCR පරීක්ෂණ සිදුකිරීමට ගිය ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයකින් කොළඹ තරු හතේ හෝටලයක කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොරෝනා වැළඳී ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් එම සිද්ධිය වන්දි මුදලක් ගෙවා යට ගැසීමට පියවර ගෙන ඇති බවයි ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
කොරෝනා වැළඳුණු හෝටල් සේවකයා පෙරේදා (22) වන විට වැලිකන්ද රෝහලට යොමු කර තිබෙනවා.
මෙම හෝටල් සේවකයින්ට දින දාහතරකට වරක් PCR පරීක්ෂණ සිදුකරන කරනු ලබනවා.
හෝටල් කළමනාකාරිත්වය රෝගය වැළඳීමට හේතුව සොයා බැලීමේදී තම සාමාජිකයන්ගේ PCR සාම්පල රැගෙන යාමට පැමිණි කණ්ඩායම තවත් ස්ථානයක කොරෝනා ආසාදිතයන් පරීක්ෂා කර එහි පැමිණ ඇති බව හෙළි වී තිබෙනවා.
එමගින් තම කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වූ බවයි හෝටල් කළමනාකාරීත්වය පවසන්නේ.




