බත්තරමුල්ල අධි ආරක්‍ෂිත කලාපයට අයත් දියවන්නා ඔයේ ඉකුත් 11 වැනිදා මසුන් අල්ලමින් සිටියදී ඔරුව අනතුරට පත්වීමෙන් දියේ ගිලී මියගිය රාජගිරිය
බුත්ගමුව පාරේ පදිංචිව සිටි රාජේන්ද්‍රන් රවින්ද්‍රන් (රවි) 26 හැවිරිදි දෙදරු පියාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි කොළඹ ජාතික රෝහලේදී සිදුකළ පී. සී. ආර්. පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.
මියගිය අයගේ බිරිඳ වන ශානි මධුවන්ති පවසන්නේ තම සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තමන් පිළිනොගන්නා බවය. අනතුරට පත්වූ ඔරුවේ සිට දිවි ගලවා ගත් පුද්ගලයා පවසන්නේ මියගිය අය තමාගේ හොඳම මිතුරකු බවත් ඔහු සමඟ වසර එකොළහක් පමණ දියවන්නාවේ මසුන් අල්ලා අලෙවි කළ බවයි.
මියගිය අයට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ බව ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් මහතාද පැවැසීය. ඒ අනුව මියගිය අයගේ පවුලේ සහ එම ආශ‍්‍රිතයන්ද නිරෝධායනය කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.




