මන්ත්‍රී ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි


සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15 I (ඇ) වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙත ලිපියක් යොමුකරමින් සදහන් කර තිබේ. 

උපුටාගැනීම,

“ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම සඳහාත්, ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහාත්, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් එකී පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා කටයුතු කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානගත සියළු පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කරන ලදි. ඒ අනුව එකී ඒකමතික තීරණය ප්‍රකාරව කටයුතු කරන ලෙසට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් “ත්‍රිත්ව ඉරි විධානයක්” ද නිකුත් කිරීමට කටයුතු කරන ලදි.

එහෙත් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තුවේ දෙවනවර හා තෙවනවර ඡන්දය විමසන අවස්ථාවේදී, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එකී ඒකමතික තීරණයද, ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් නිකුත් කරන ලද ත්‍රිත්ව ඉරි විධානයද උල්ලංඝණය කරමින් සහ/හෝ ඊට අකීකරුව සහ/හෝ ඒවාට අවනත නොවී 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඔබ විසින් කටයුතු කිරීම හේතුවෙන් ඉතා පහසුවෙන් ආණ්ඩු පක්ෂයට විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි විය. ඒ අනුව ඔබ විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ගන්නා තීරණය ද, ඒ අනුව කටයුතු කරන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් දෙන ලද එකී විධානයන්ට ද එරෙහිව සහ/හෝ අවනත නොවී සහ/හෝ ඒවා උල්ලංඝණය කරමින් බරපතල ලෙස පක්ෂයේ විනය කඩකිරීමක් සිදු කොට ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය පක්‍ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඔබගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍ය බව මා තීරණය කළ අතර, ඒ අනුව ඔබගේ සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය සමගි ජන බලවේගය පක්‍ෂ ව්‍යවස්ථාවේ 15 I (ඇ) වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වහාම තහනම් කරන බව මෙයින් දැනුම් දෙමි.

15 I (ඇ) – පක්‍ෂයේ කීර්ති නාමයට හෝ යහපැවැත්මට හා උන්නතිය තකා අවශ්‍ය නම් සාමාජිකයෙකුගේ සාමාජිකත්වය තහනම් කිරීමටත්, සංවිධානයක් නම් එහි වැඩකටයුතු තහනම් කිරීමටත් පක්ෂයේ සභාපතිවරයාට බලය ඇත


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මන්ත්‍රී ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
මන්ත්‍රී ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjg1w5C7BUBkQo0vxy-1okM99fdnV73CrIuHVaobiTEiV1I03y-g_H9Vpo2dGDdg-PTX0OwDxwgzuUrR5lpZx9Zsmx4WG4qsOiovCTq11-9Q5nZafF1vYqU9_zMRCpGM_tnQgPCYKa46iY/s16000/Diana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjg1w5C7BUBkQo0vxy-1okM99fdnV73CrIuHVaobiTEiV1I03y-g_H9Vpo2dGDdg-PTX0OwDxwgzuUrR5lpZx9Zsmx4WG4qsOiovCTq11-9Q5nZafF1vYqU9_zMRCpGM_tnQgPCYKa46iY/s72-c/Diana.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/Dayanagamage.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/Dayanagamage.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content