පුත්තලම නගරයේ ස්ථාන දෙකක් තුළ පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක සිටි කළමනාකරුවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 06 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පුත්තලම මූලස්ථාන පොලිසිය කටයුතු කර ඇත.
පෙරේදා (14 දා) සවස පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතාගේ මෙහෙය වීමෙන් සිදුකළ මෙම වැටලීමේදී එම ස්ථානවලට සම්බන්ධ කුලියාපිටිය, හෙට්ටිපොළ, දංකොටුව, වාරියපොළ හා පුත්තලම පොලිස් වසම්වල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
මෙම ස්ථානවලට ඉතා සූක්ෂම ලෙස පැමිණි එක් කාන්තාවක් හා එම ස්ථානයේ රැඳී සිටින කාන්තාවක් ඔවුන් හමුවීමට පැමිණි පිරිමි පුද්ගලයන් දෙදෙනකු හා එම ස්ථාන පවත්වාගෙන ගිය කළමනාකරුවන් දෙදෙනකු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. මෙම ස්ථානවලට පැමිණි කාන්තාවන් දෙදෙනා ඇසුරු කළ අය සොයා විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.




