කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රධානම වීදිය ලෙස සැලකෙන මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයින් වාර්තා හේතුවෙන් එම වීදියට සංචරණ සීමා පනවා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව මාර්ග බාධක යොදා රථවාහන ගමනාගමනය අවුරමින් එම වීදිය වසා තිබෙන අතර පා ගමනින් එම වීදිය හරහා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබේ.
මහ වීදියට පිවිසීම අවහිර කළද කොරෝනා ආසාදිතයින් වාර්තා වූ වෙළඳසැල් හැර අනෙක් සියළුම වෙළඳසැල් විවෘතව තැබීමට බාධාවක් නැති බවද නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට මහ වීදියේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන 08 කින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ.




